ඉගුරු වගාවේ කරදරකාරී පළිබෝධකයා…

“කද විදින පනුවා”

 

මේ දවස්වල ඉගුරු වගාවට වැඩිපුර කරදර කරන ප්‍රධාන පලිබෝධකයෙක් ගැන ඔයාලට කියන්න මට හිතුනා…

මොකද මේ දවස්වල ඉගුරු වගා කරපු හුගාක් ගොවි මහත්ම මහත්මීන්ගෙන් එන ගැටළුවක් තමයි මේ පලිබෝධ හානිය…

 

මේ photos බලන්නකෝ… මේ මම බලන්න ගියපු කද විදින පනුවාගේ හානියට ලක්වුණු ගොවි මහතෙකුගේ ඉගුරු වගාවකින් මමම ගත්ත ඒවා… පුළුවන් වේවි පහසුවෙන්ම ඔයාලට මේ හානිය  හදුන ගන්න හොදින් බැලුවොත්…

ඉගුරු පදුරේ ව්‍යාජ කදට “ඩයිකොක්‍රොසීස් පන්ක්ටිෆෙරාලිස්” කියන කෘමියා හානි කරනවා…

මෙන්න මේ කෘමියාගේ කීටයන් තමයි ඉගුරු ව්‍යාජ කද ඇතුලට ගිහින්, කදෙහි කොටස් ආහාරයට ගනිමින් හානි කරන්නේ… (photos වල ඉන්න කීටයා/පනුවා) මේ විදිහට හානි කිරීම නිසා සිදුරු කල ස්ථානයෙන් ඉහල කොටස ක්‍රමයෙන් මැරෙන්න පටන් ගන්නවා…

 

ඉගුරු පදුරෙහි දල්ලේ ඉදන් පහල පත්‍රයන් දක්වා කහ පැහැවෙමින් ක්‍රමයෙන් දුඹුරු පැහැවෙමින් තමයි මියයාමට පටන් ගන්නේ…

 

හදුන ගන්න පහසුම ක්‍රමය තමයි ඉගුරු ව්‍යාජ කදෙහි පැහැදිලිවම දකින්න ලැබෙන කවාකාර සිදුර…

ඒ වගේම තමයි කීටයන් කද ඇතුලෙහි ඉන්නවානම් මෙම සිදුර තුලින් පිටතට වෑස්සුනු සියුම් ලීකුඩු වැනි මල ද්‍රව්‍ය දැකගත හැකි වීම…

මේ වගේ හානිය පහසුවෙන්ම හදුන ගන්න පුළුවන් උනාම කරන්න ඕනේ මෙවැනි හානි උන ව්‍යාජ කදන් කපා පුළුස්සා දමා සුදුසු කෘමිනාශකයක් යෙදීම…

මෙහිදී ඇටබ්‍රෝන්, ට්‍රෙබෝන් වැනි කෘමිනාශක භාවිතා කල හැකි වෙනවා…  (ලෙබයිසීඩ් මීට ප්‍රථම භාවිතා කලද මේ වන විට එය තහනම් වී තිබෙනවා…)

 

ඒවගේම තමයි ඉගුරු වගාවේ පසු අවධියේදී මෙම හානිය නිසාවෙන් ඉගුරු අස්වැන්න කෙරෙහි සැලකියයුතු බලපෑමක් නොවන බවත් මතක තියා ගන්න ඕනේ…

 

අන්න ඒ නිසා කෘමිනාශක හැකි උපරිමයෙන් අවමව භාවිතාකිරීම වඩාත්ම වටිනවා…

 

එච්. ඒ. එල්. සමිත්‍රී,

ව්‍යාප්ති නිලධාරිනී,

අපනයනය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

නිවසේ ගෙවත්තේ කහ පැළයක්‌ වගා කර ගනිමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *