වගාවට ඔසුපැල එකතු කරමු – මොනරකුඩුම්බිය

ගෙවත්ත එළි පෙහෙළි කිරීමේ දී අපිට නොදැනීම ගිලිහී යන ඖෂධීය ශාකය – මොනරකුඩුම්බිය

☘️ ගෙවත්තක් පරිපූර්ණ වෙන්න නම් ඒ ගෙවත්තෙ එළවළු පළතුරු මල් වගේ ම ඖෂධීය ශාකත් අනිවාර්යයෙන් ම තියෙන්න ඕනෙ☘️ ළමා කාලේ සුන්දර මතක ගොඩක් එක්ක තමයි මොනරකුඩුම්බිය මල් මතක් වෙන්නෙ..

මේ මොනරකුඩුම්බිය ගහේ කොටස් ඔක්කොම ඔසු විදියට භාවිතා කරනවා..
👉අපි හැමෝටම කරදරයක් වුණ සෙම් ගෙඩි වගේ තත්වෙකදි මේ ගහේ පංචාංගය ම තැම්බූ ජලයෙන් උගුර සෝදන එකෙන් සෙම් ගෙඩි ඉක්මනින් අඩුවෙලා යනවා..
👉 මුත්රා රෝග හා මුත්රා ගල් / අශ්මරි ඉවත් කිරීමට මේ ශාකයට හැකියාව තිබෙනවා..
👉මොනරකුඩුම්බිය ශාකයේ තියෙන ප්රතිශක්තිකරණ වර්ධනය හැකියාව ඉතාම ඉහළයි..
👉 ඒ වගේම රතු රුධිර සෛල වර්ධනය හිමොග්ලොබින් ප්රමාණය ඉහළ නැංවීමට හැකියාව ක් තියනවා..
👉ඉතින් Anemia එහෙම නැත්නම් පාණ්ඩු රෝගය අපි සාමාන්ය ව්යවහාරයේ කියන ඇගේ ලේ මදිකමට මේ ශාකයේ කැද භාවිතා කරන්න පුළුවන්…
👉ඒ වගේම උෂ්ණ කෑම නැත්තම් ඇගේ පිත වැඩිවෙලා හැදෙන කුෂ්ට රෝග , වණ , වගේ රෝග වලදී මේ කොළ ටිකක් කල් තෙල් වලින් මළවලා ඒ තුවාලය මත තියන්න පුළුවන්..
👉ඇග නිවීමේ හෙවත් සිසිල් කිරිමේ හැකියාවක් මේ ශාකය තුළ තියෙනවා..
➡️ ආයුර්වේද වෛද්ය ක්රමය තුල සහ දේශීය වෛද්ය ක්රමය තුළ සදහන් රෝග ගණනාවක් සදහා විවිධ ආකාරයෙන් මේ ශාකය යොදාගන්නවා..
➡️ අක්මාවේ ඇති වෙන විවිධ රෝග වලදී කෂාය විදියට කැද විදියට යොදාගන්නවා..

ඒ වගේම ඉතින් සමනළ ආකර්ෂක ශාකයක්…

මොනරකුඩුම්බිය කැද සාදන නිවැරදි ක්රමය..

✳️ මොනරකුඩුම්බිය ශාකයේ යුෂ කෝප්ප දෙකක්..
✳️ හීනටි වැනි දේශිය සහල් වර්ගයක්
✳️ සුදු ලූණු රතු ලූනු ආදිය
✳️ පොල්කිරි

👉සහල් ලිප තබා දෙවන පොල්කිරි කොටසින් ඉදවන්න.. ඉන්පසු පළමු පොල්කිරි සහ අනෙකුත් අමුද්රව්ය එකතු කරගන්න..
👉පොල්කිරි සමග බත් ඉදීගෙන එන විට එයට මොනරකුඩුම්බිය යුෂ කෝප්ප දෙක එකතු කර එම උෂ්ණත්වයෙන් ඉදීමට හැර ලිප නිවා දමන්න..
👉අවශ්ය තරමට ලුණු එක් කරගන්න..
👉මේ සදහා හොදම සහල් වර්ගය කලු හීනටි සහල් වේ..

ඉහතින් දැක්වූයෙ හදිසි අවස්ථාවකදී භාවිතා කරන්න පුළුවන් අත්බෙහෙත් කිහිපයක් උනත් බොහොමයක් ලෙඩ රෝග සදහා වෛද්ය නිර්දේශය මත මෙය භාවිතයට ගන්නවා සහ අවශ්ය වෙනවා..
ඉතින් ඔබ දන්නවා ඇති විවිධ ලෙඩ රෝග වලදී මේ ශාකය අවශ්ය වෙලා හොයද්දි අවශ්ය තරම් ලැබුණෙ නැති උනාම ඕනම කෙනෙක් ලක් වෙන අපහසුතාවය..
අපේ ගෙවත්ත අපේ මුළුතැන්ගෙය කියන්නෙ ඖෂධ ගබඩාවක්..
ඉතින් ඒ ඖෂධ අපෙන් ඈත් වෙලා යන්න නොදී රැක ගැනීම අපි හැමෝගෙම වගකීමක්..
අපි දැනුවත් වෙමු දැනුවත් කරමු..
සැමවිටම පෙර සූදානමකින් කටයුතු කරමු..
Covid 19 ඇවිත් අපිට ඉගැන්නුවේ ඒ දේ..

ගෙවතු වගාවෙන් පොඩි ඉඩක් ඖෂධ වලටත් වෙන් කරමු..

කතෘ – මලිති රසාංජනා මිය,
උපුටා ගැනීම – ගෙවතු  වගා සංග්‍රාමය ෆේස්බුක් සමූහය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *