ගෙවත්තට ඔසු පැල – කෘමිනාශක නිසා අපිට අහිමි වෙන ඔසුව කළාදුරු

කෘමිනාශක නිසා අපිට අහිමි වෙලා යන ඔසු පැලයක් තමයි කළාදුරු කියන්නෙ.. ඔබත් මිදුලේ ඇවිදින අතරෙ දැකලා ඇති. වල් පැලයක් කියලා ගලවලා විසි කරලත් ඇති. ඇත්තටම මේක ඉක්මනට බෝවෙනවා..

ඉතින් මේ ලිපිය කියෙව්වම ඔබ කරදරයක් උන ඒ ශාකය මින් පස්සෙ ගලවලා ඉවත් කරනවා නම් ආයුර්වේද ඔසු හලකට හෝ ආයුර්වේද රෝහලකට ගෙනත් දෙන්න දෙපාරක් හිතයි…
බෙහෙතට මෙය අවශ්ය කරන අය ඕන තරම් ඉන්නවා..

☘️ කළාදුරු කියලා අපි කියද්දි සංස්කෘත භාෂාවෙන් මුස්තක මේග සහ තවත් නම් ගණනාවකින් මෙය හදුන්වනවා..

☘️ අතීතයේ නම් පුංචි දරුවෙක් ගේ රන්කිරි කට ගෑමේ මොහොතේ ඉදන් වයස්ගත වන තුරුම විවිධ රෝගවලදී මේ ඖෂධය අපි භාවිතයට ගත්තා..
අදත් රෝහලේදී භාවිතා කරනවා.
☘️ පුංචි දරුවන්ට ඇතිවෙන උදරාබාධ වලින් කලින්ම වැළකෙන්න කළාදුරු අලයක් කිරිත් එක්ක උණු කරලා ඒ කිරි ලබාදුන්නා..
☘️ ඒ වගේම ලොකු අයටත් ඇතිවෙන විවිධාකාර බඩේ අමාරු වලට ප්රත්යක්ෂ ඔසුවක් තමයි මේ..
☘️ කළාදුරු අලයක් තම්බා මී පැණි සමග ආහාරයට ගත්තෙ අතීසාර රෝගය පාලනය කරගන්න..

☘️ ඇත්තටම මේකෙන් අපේ අන්ත්රයේ තියන මාංශ පේශි ශක්තිමත් වීම සිදු වුණා..
ඉතින් ඒ කාලේ එළකිරි එකට කළාදුරු අලයක් එකතු කර උණුකර ගැනීම අනිවාර්ය අංගයක් වුණා..
තවමත් අපි පරක්කු නෑ ඒ වටිනා ආහාර සංස්කෘතිය නැවත ඇතිකරන්න..
☘️ ඒ වගේ පුංචි දේකින් ඔවුන් ආබාධ රැසකින් බේරුණා..
☘️ ඒ වගේම කළාදුරු වල රුධිරය පිරිසිදු කිරීමේ ගුණයෙන් ඉතාම ඉහළයි..
☘️ කළාදුරු අලයක් තම්බලා බීවම මුත්රා අඩස්සිය වගේ දේවල් මග ඇරුණා..
☘️ ඒ වගේම මේ කළාදුරු අල ඇල්දියෙන් අඹරලා ඇසේ එන නගන වල ආලේප කරනවා.. නගනයේ විතරක් ආලේප කරන්න පරිස්සම් වෙන්න ඕනෙ..
☘️ ඇගේ එකපාරටම මතුවෙන විසර ගෙඩි නිසා ඔබත් කරදර විදලා ඇති.. දෙහි ඇඹුලෙන් ගලගාලා කළාදුරු අලයක් ඒ වටේට ගෑවොත් සැරව අයින් වෙලා යනවා..

☘️ කළාදුරු අල තම්බා බීමෙන් අධික පිපාසය සමනය කරනවා.
☘️ එ් වගේම ආහාර දිරවීමේ පහසුව ඇතිකරනවා..රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම අඩු කරනවා..
හෘදයට ඉතාම හිතකරයි..

☘️ ඔබේ ශරීරයේ අධික දහදිය දුර්ගන්ධය සහිත නම් ඔබට සුවද විලවුන් වලින් හෝ ඉවත් කරගත නොහැකි තරම් හිසරදයක් නම් කරන්න තියෙන්නෙ
☘️ කළාදුරු අල සුදු හදුන් වද කහ වියළා සියුම් ව කුඩු කර ඇල් වතුර සමග අනා දහදිය වැඩි පුර දමන ස්ථාන වල ආලේප කිරීමයි…
එයින් ඔබට සහනයක් දැනෙනවා වගේම දුර්ගන්ධයත් ඉවත් වෙලා යයි..

👉 ඉතින් ඔබට දෙන ඖෂධ වට්ටෝරු වල මෙය අන්තර්ගත වෙන්නෙ එක කාර්යයක් සදහා නෙවෙයි..
එක පාර ලෙඩ ගොඩක් සමනය කරන්න කළාදුරු වලට පුළුවන්..
👉 ඒ වගේම සෙම් රෝග අක්මා රෝග ආදි රෝග වලටත් ප්රත්යක්ෂ ඔසුවක්.. නමුත් කළාදුරු විතරක් තනිව යොදන්නෙ නෑ.. තවත් ඖෂධ ගණනාවක් එක්ක තමයි යොදාගන්නෙ..

✳️මේවා පොඩි අත්බෙහෙත් විතරයි…ඉතින් ඔබ දන්නවා ද ආයුර්වේද යේ එන කෂාය වට්ටෝරු කීයක කළාදුරු අල අන්තර්ගත වෙනවද කියලා..
බොහොමයක අන්තර්ගතයි.. ඒ වගේම මුස්තකාරිෂ්ටය හදන්නත් කළාදුරු භාවිතා කරනවා.
✳️ ඔබ මේ ඔසු භාවිතා කරද්දි වෛද්යවරයෙකුගේ උපදෙස් ලබාගැනිම ගොඩක් වැදගත්…

➡️ කළාදුරු හැදෙන පොළොවක් කියන්නෙ ඉතාම සරුසාර පොළොවක්.. මොකද අවශ්ය තෙතමනය රදලා තියන පසක තමයි කළාදුරු වැවෙන්නෙ..
➡️ නිවැරදි ම කළාදුරු ශාකය එහි ආවේණික සුවදින් අදුරගන්න පුළුවන්.. තවත් ඒ වගේ ගස් තියෙන නිසා මේ ගැන දැනුවත් වීම වටිනවා.. මොට්ටු තණකොළ කියන ශාකය ඒ විදියට කලාදුරු කියලා වැරදි විදිහට හදුනාගත්ත ශාකයක්..
➡️ නිකන්ම වල් පැළයක් කියලා අයින් කරන පැලයකට වටිනාකමක් ලබාදෙන්න මේ ලිපියෙන් පුළුවන් උනා කියලා හිතනවා..
➡️ අනාගත පරපුරට අපිට ආවේණික දේශීය ඖෂධ දායක කරමු..

සටහන – මලිති රසාංජනා ඉලංකෝන්
ආයුර්වේද වෛද්ය ශිෂ්යා (BAMS (ug))
ගම්පහ වික්රමාරච්චි ආයුර්වේද විද්යායතනය
කැලණිය විශ්වවිද්යාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *