ගෙවත්තේ එලවලු වගාව සාර්ථකව කරමු

ශ්‍රී ලංකාව කියන්නේ‍ෙ අතීතයේ ඉඳන්ම කෘෂිකර්මය සමග බැදුණු රටක් අතීතයේ ජනතාව නම් තමා අවශ් ය බොහෝ දේ තම නිවසේ ගෙවත්ත තුළ පැල කරල තිබුණා . කොහොම නමුත් මෑත කාලයේ පාරිභෝගික ආර්ථික ක්‍රමය නිසා අපේ රටේ බොහෝ මිනිසුන් සල්ලි වැඩ තමයි ආහාර වර්ග මිල දී ගත්තේ

නමුත් දැන් දැන් මිනිසුන් තමන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය තමන්ම නිෂ්පාදනය කරගන්න තත්ත්වය ද පත්වේගන එනවා. කෙසේ නමුත් අවශ්‍ය වූ භෝග ද්‍රව්‍ය තමන්ම නිෂ්පාදනය කර ගැනීමේදී යම් යම් ප්‍රායෝගික ගැටලු මතු වෙනවා. ඒ නිසාම ඔබේ මහන්සිය නිකම්ම අපතේ යන තත්වයකට පත් වෙනවා .එබැවින් අපි අද ඔබට ඉදිරිපත් කරන්න යන්නේ ඒ වගේ ගැටලු අවම කර ගනිමින් තමන්ගේ ගෙවත්තේ එලවළු වගා කර ගන්න කරගන්නළවළු වගා කරගන්න පුළුවන් ස්මාට් ක්‍රම හතක් ගැන

  1. ගෙදරට ගේන එළවළු වලින්ම ආරම්භයක් ගන්න

නිවසේ ආහාර සදහා ඔබ එළවලු වගා කරන්නේ නම් පැල වර්ග හෝ ඇට වර්ග මිලදි ගැනිම තුලින් තමයි හොදම දේ සාමාන්‍යෙයන් නිතරම ආහාරයට ගන්න මිරිස්, තක්කාලි වගේ ඇට වර්ග ඇති එලවළු වර්ග පැල කිරිම සදහා ඔබ එ වෙනුවෙන්ම ‍බීජ ගෙන යුතු වන්නේ නෑ. ඔබ නිවසට ගෙනෙන ඒ ඒ එළවලු වලින්ම බීජ ලබා ගත හැකි වනවා.. ඒ වගේ අප ගේන ලික්ස් , ළුණු වගේ දේවලින් අප කපා ඉවත් කරන කොටස පැල කිරිමට යොදා ගත හැකි.

ඔබගේ සුදු ලුණු වලින් කිහිපයක් ගෙන පස් යට යට කිරීම තුළින් ඔබට මාසයක් දෙකක් තුනකින් වගේ සුදු ළුූණු ලබා ගලුණු ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ විතරක් නෙමෙයි සලාද කොළ කෑල්ලක් පස් වලට යට කරලා තිබ්බාම සති කීපයක් ඇතුලට අලුත් සලාද කොළ ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.

බතල අලයක් දෙකට කපා අර්ධ වශයෙන් වතුරේ ගිල්වා තිබිම තුලින් එයින් මොටයි හට ගන්නවා. ඒ මොටයි සහිත කොටස පැල කිරිම තුලින් බතල වගා කරගත හැක.

ඉතිං මෙන්න මේ වගේ ඔබේ ගෙදරට ගෙනෙන බොහෝ එළවලු වර්ග වලින් තම ගෙවත්තේම තම පිරිභෝජනය සදහා ආහාර සාදාගත හැකි වෙනවා.

2. කොල එළවළු වලින් ආරම්භ කරන්න

අප එළවලු ආහාරයට ගැනිමේ ප්‍රධානතම ප්‍රෙයා්ජනය තමයි ආහාරමය තන්තු. ඔනැම ආහාරයක් තන්තු වැඩි වශයෙන් අඩංගු වන්නේ පත්‍රවල ලීක්ස් , සලාද , ලුණු කොල සහ ගෝවා කොල යන එලවලු ඉහල තන්තු ප්‍රමාණයක් අඩංගු වෙනවා. වෙනත් එලවලු වර්ගවල වගේ අල හෝ ගෙඩි වල ආහාර තැන්පත් වීම අවශ්‍ය නැ. මේ නිසා ම මෙම එලවලු වර්ග ඉක්මනින්ම ආහාරයට ගැනීමේ හැකියාව තිබෙනවා

මේ නිසා ඔබ අලුතින් වගාවක් ආරම්භ කරනකොට මෙවැනි බෝග වර්ග තෝරා ගැනීමේදී ඔබට වැරදීම් වන ඉඩකඩ බොහෝ අඩු කර ගත හැකි වෙනවා

adstudio.cloud

3. ආහාර සෝදන වතුර භාවිතයට ගන්න

එබැවින් වගාවේ දී පසේ පෝෂණය නැත්නම් පොහොර යෙදීම ඉතා අත්‍යවශ්‍ය යනවා මේ සඳහා ගෙදර ඉවත් කරන දිරන ද්‍රව්‍ය එකතු කරලා කොම්පෝස්ට් පොහොර සාදාගෙන මේ සඳහා යොදා ගත හැකි වෙනවා එය ඔබට වාසිදායක ද වෙනවා ..නමුත් ඔබ නිවසේ සෝදන ද්‍රව්‍ය ය වල ජලය යොදා ගන්නේ නම් විශේෂයෙන් හාල් හාල් පරිප්පු හාල් මැස්සන් සෝදා ජලය මේ සදහා යොදාගැනීමේදී එයින් පෝෂණ ගුණ රැසක් පසට එකතු කර ගත හැකිවෙනවා

මීට අමතර ව කඩල මුං ඇට බතල බඩඉරිඟු වගේ දේවල් තම්බන වතුර වල පෝෂණ ගුණ රැසක් පවතිනවා ඒ වගේම ඔබ ඉවත් කරන එළවළු වර්ග වල ද පෝෂණ ගුණ රැසක් පවතිනවා

4. ජෛව පාලනය පාවිච්චි කරන්න

එළවළු වගාවක් කිරීමේදී කෘමි සතුන් ගෙන් එල්ල වන තර්ජන ස්වභාවිකයි .මේ සඳහා අප අකමැත්තෙන් වුව ද කෘමිනාශක ද්‍රව්‍ය භාවිතා කිරීමට සිදු වෙනවා. මේ සඳහා ජෛව පාලනය යොදා ගැනීම තුළින් කෘමි නාශක යොදන ප්‍රමාණය අඩු කරගත හැකි වෙනවා

ජෛව පාලනය පිළිබඳව හැමෝම නොදන්නවා වෙන්න පුළුවන් මෙම ක්‍රමය ඉතා සරල දේවල් වලින් ආරම්භ කරන්න පුළුවන් .දිනපතා කුරුල්ලන්ට කැම කන්න ස්ථාන සකස් ගේම තුළින් කෘමි සතුන් පාලනයට බොහෝ දායකත්වයක් ලබා දෙනවා

5. පෝච්චි වෙනුවට කෙසෙල් කොටන්

ගොඩක් දෙනෙක් මිරිස් තක්කාලි බටු වගේ එළවළු වර්ග පෝච්චි වල වගා කරන්නේ ඉඩකඩ අඩු කම නමුත් පෝච්චියේ වගා කරද්දි මැටි හෝ සිමෙන්තිවලින් පසට කිසිවක් නොලැබෙන් නිසා රසායනික පොහොර නො දමා හොඳ ඵලදාවක් ලබා ගන්න අපහසු යි

විශාල කෙසෙල් කොටන් පිහියක් යොදාගෙන අවශ්‍ය ප්‍රමාණයට ,කෙසෙල් කොටන් සිදුරු කොට ඒවාට පස් පොරවා ගෙන මෙය සකස් කර ගත හැක

මෙම ක්‍රමයේදී පසට පොහොර නො දමා ශාක වර්ධනය කර ගැනීමේ හැකියාව පවතිනවා

6. මල් වගාව ඒ අතර සිදු කිරීම

බොහෝ අය මේ දින වල මල් වගාවන් පැත්තක දමා එලවලු වගාව කිරීමට පෙලබි තිබෙනවාමල් වගාවට එන මී මැස්සන් සමනලුන් වැනි වගාවට හිත කර කෘමීන් පැමිණීම තුළින් ඔබේ එලවලු වගාව සාර්තක කර ගැනීමට හැකි වෙනවා

එළවළු වගාවල තැන් තැන් වල මෙම මල් වර්ග වගා කිරීම තුළින් එලවලු වගාව සාර්ථක කර ගත හැකි වෙනවා

7. ධරණිය බව ගැනත් සිතන්න

ඔබ ආරම්භ කළ මෙම වගාව මෙම නිදහස් කාලයේ ආරම්බ කල නමුත් කාර්‍ය බහුලත්වය නිසා අතරමගදි අත හැර නොදැමිය යුතුයි.

නිවසේදීම කාබනික පොහොර සාදා ගැනීමට දැනුම. (4 කොටස )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *