ගෙවතු වගාවට ඔසු පැල 

 

 

ගෙද පලා – portulaca orelacea

☘️ රතු පැහැති දුර්වල කදක් සහ මාංශලමය කුඩා පත්‍ර සහිත කහ පැහැති කුඩා මලක් පිපෙන ශාකයක් තමයි ගෙද පලා කියන්නෙ

 

☘️ විටමින් බොහොමයක් සහ ඔමේගා සහ ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළ ඖෂධීය ආහාරයක් විදියට මේ පැලෑටිය හදුන්වන්න පුළුවන්..

 

☘️කුසගිනි මදකම ඉවත් කරලා ආහාර රුචිය වැඩි කරන්නත් ආමාශය ඇතුළු ව ආහාර මාර්ගයේ ඇතිවන බොහොමයක් රෝග වලට පිලියමක් තමයි මේ ආහාරය..

 

☘️ඒ වගේම හිසේ ඇතිවන කැක්කුම් සහ උදරයේ ඇතිවන කැක්කුම් වලට විදේශ රටවල මෙය යොදාගන්නවා..

 

☘️අපේ රටේ වගේම විදේශ රටවලත් ව්‍යාප්ත වුණ ශාක විශේෂයක් විදියට හදුන්වන්න පුළුවන්..මේ පැලෑටිය ආශ්‍රිත ව විවිධ පර්යේෂණ ගණනාවක් සිදු කරලා තියනවා..

 

☘️එමගින් අක්මාවේ එන්සයිම ශ්‍රාවය උත්තේජනය කරන්නත් අක්මාව ආශ්‍රිත විෂ ඉවත් කරලා අක්මාව ආරක්ෂක කරගැනීමේ හැකියාවත් තිබෙන බව සනාථ කරගෙන තිබෙනවා..

 

☘️මේ පැලෑටියේ සාරයට වණ, සැරව ගලන තුවාල වල  සැරව ඉවත් කිරීමේ හැකියාවත් තිබෙනවා..

 

☘️ඇස් වලට ඉතාමත් ගුණදායක රුධිරය පිරිසිදු කිරීමේ ගුණයෙන් යුතුයි…

 

☘️වකුගඩු පිරිසිදු කිරීමත් , අතීසාර, අර්ශස් ආදියට මෙය ආහාරයක් විදියට යොදා ගන්න පුළුවන්..

 

☘️අධි රුධිර පීඩනය පාලනය කිරීම සහ රුධිර කැටි ඇතිවීමේ හැකියාව වළක්වන්න මේ පැලෑටියට පුළුවන්…ඒ පිලිබඳ පර්යේෂණ ගණනාවක් සිදුකර තියෙනවා..

 

☘️බොහොමයක් රටවල සුප් හෝ තේ පානයක් විදියට ක් ආහාරයක් විදියටත් ප්‍රසිද්ධ ව යොදාගන්නා පැලෑටියක් තමයි ගෙද ශාකය..

 

🌸  ඔබ ගුණය පිලිබඳ ව නොදැනුවත්ව ආහාරයට ගන්න  සමහරවිට නොදැනම වත්තෙ එක් තැනක ඉබේම හැදිලා තියන මේ පැලෑටිය සොබා දහමේ අපූරු දායාදයක්..

 

මූලාශ්‍ර-   tropical.theferns.infoviewtropical.phdid=Portulaca+oleracea

ඖෂධ ශාක සංග්‍රහය ඇසුරින්…

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *