ගෙවතු වගාවට ඔසු පැල එක්කරගනිමු 

කීකිරිඳිය ශාකය

 

☘️තෙත් සහිත පරිසරවල වැවෙන්න වැඩි කැමැත්තක් දක්වන රත් පැහැ කදක් සහ සුදු පැහැති මල් සහිත ශාකයක් තමයි කීකිරිඳිය කියන්නෙ.

 

☘️මේ පැලෑටිය කුඹුරු ආශ්‍රිතව බහුලව වැවෙනවා.ඒ වගේම අපි ගෙදරට ගේන පලා මිටි අතරේ තිබිලා අනිවාර්යයෙන් ම හමුවෙන පැලෑටියක් තමයි මේක.

 

☘️හරිම පහසුවෙන් ඕනම නිවසක වගා කරගන්න පුළුවන්..

කීකිරිඳිය ශාකයට සංස්කෘත භාෂාවෙන් භෘංගරාජ කියලා හදුන්වනවා..

 

☘️එහෙම කිව්ව ගමන් මතක් වෙන තෛලයක් තමයි භෘංගාමලක තෛලය කියන්නෙ..

 

☘️හිසකෙස් කළු පැහැ කරගන්න සහ වර්ධනය කරගන්න විශේෂයෙන් භාවිතා කරන මේ තෛලයේ කීකිරිඳිය අන්තර්ගත වෙනවා..

☘️ කීකිරිඳිය අන්තර්ගත වන නිෂ්පාදිත ඖෂධ බොහොමයක් තිබෙනවා..

 

☘️කීකිරිඳිය ශාකයට හිසකෙස් වර්ණ ගැන්වීමේ සහ අකලට හිසකෙස් සුදු වීම  පාලනය කිරීමේ හැකියාව තිබෙනවා..

 

☘️ඒ වගේම අපි කවුරුත් දන්න , හිසකෙස් වර්ධනයට, සන්ධි ආශ්‍රිත රෝග කැඩුම් බිදුම් වලදිත් භාවිතා කරන නීල්‍යාදි තෛලයෙත්  කීකිරිඳිය අඩංගු වෙනවා.

 

☘️ කීකිරිදිය කිව්වම අපිට මතක් වෙන්නෙ හිසකෙස් ගැන විතරක් උනත් එහි තවත් සුවිශේෂී ගුණාංග බොහොමයක් තිබෙනවා..

 

☘️කීකිරිඳිය යුෂයට රක්ත ශෝධක හැකියාව තිබෙනවා..මේ නිසා රුධිරය පිරිසිදු කිරීමේ ක්‍රියාවලියට අදාල කෂාය වර්ග ආදියෙ කීකිරිඳිය අන්තර්ගත වෙනවා..

 

☘️අක්මාවේ ඇතිවන සිරෝසීස් රෝග තත්වයේදී (liver cirrhosis) අක්මාවේ විෂ පදාර්ථ බිද හෙලමින් නැවත අක්මා සෛල නියමිත තත්වයට ගෙන ඒමෙ හැකියාව කීකිරිඳිය සතුයි.

මේ තත්වයේදි අක්මාවේ එන්සයිම ශ්‍රාවය උත්තේජනය කිරීමත් එහි ප්‍රදාහ තත්වය ඉවත් කිරිමටත් කීකිරිඳිය වලට හැකියාව තිබෙන බවට සායනික පරීක්ෂණ මගින් සනාථ කරලා තිබෙනවා.

 

☘️සෙංගමාලය රෝගී තත්වයේදිත් කීකිරිඳිය යොදාගන්නවා..

 

☘️ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව කීකිරිඳිය සෙම සහ වාත ශාමකයි.. එනම් සමනය කිරීමේ හැකියාවෙන් යුතුයි..

 

☘️ ඇදුම රෝගී තත්ත්වයේදී සහ පපුවේ සෙම් බහුල කැස්ස පවතින විට එහි ශ්ලේෂ්මල වශයෙන් එකතු වෙන සෙම්  පදාර්ථ ඉවත් කරමින් නැවත එසේ එක්රැස් වීම වලක්වන්න කීකිරිඳිය යුෂයට පුළුවන්.. ඒ නිසා ඇදුම සහ විවිධ සෙම් රෝග අවස්ථා වලදිත් මේ ශාකය යොදාගන්නවා.

 

☘️ ශරීරයේ ඇතිවන තුවාල වලදි මේ ශාකයේ ස්වරසය ගැල්වීම මගින් තුවාලය පැතිරී යාම වලක්වා ගන්න පුළුවන්..

 

අක්ෂි රෝග වලදී ඇස් පිරිසිදු කිරීමට කීකිරිඳිය යුෂය යොදාගනු ලබනවා..

 

කීකිරිඳිය කියන්නෙ ඔබේ ආහාර වේලට එකතු කරගන්න පුළුවන් පලා වර්ගයක්.. මැල්ලුමක් විදියට වගේම වෙනත් විවිධ ක්‍රම වලින් මෙය ආහාරයට ගන්න පුළුවන්..

 

කීකිරිඳිය ශාකය ඉක්මනින් ව්‍යාප්ත වෙනවා. එහි බීජ සුලගේ විසිරිලා ගිහින් ඕනෑම ස්ථානයක පැල වෙනවා..  වගා කරගැනීම අපහසු නැහැ.

සමහරවිට දැනටමත් ඔබේ ගෙවත්තෙ මේ පැලෑටිය තිබෙන්න පුළුවන්..

භාවිතයෙන් ඉවත්ව යාම නොදී මෙවැනි ඔසු පැල රැක ගන්න එකතුවෙමු.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *